mediahumanrights.lk
International NewsNews

චීනය නියමුවන් රහිත ප්‍රහාරක යානා නිෂ්පාදනය අරඹයි

චීනය, නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානා වාණිජමය වශයෙන් නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
ඇමරිකාව විසින් නිෂ්පාදින නියමුවන් රහිත ගුවන් යානයකට පිළිතුරු වශයෙන් RH-5 රේන්බෝ නැමැති මෙම ගුවන් යානය වෙළඳපොලට ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමරිකාව විසින් නිෂ්පාදනය කළ MQ–9 රීපර් නැමැති නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානයේ වෙළඳපොළ වටිනාකමෙන් අඬක මිලකට චීන ගුවන් යානය මිල කර තිබේ.
කෙසේවෙතත් ඇමරිකානු ගුවන් යානයට මීටර 15,000ක උපරිම උසකට ගමන් කළ හැකි අතර චීන ගුවන් යානයේ එය මීටර 9000කට සීමා වන බව සඳහන් වෙයි.
එමෙන්ම ගුවන් යානයේ එන්ජිමේ තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකානු ගුවන් යානයට ද සාපේක්ෂව යම් දුර්වලතා මෙම චීන ගුවන් යානය සතු බවද එහි නිෂ්පාදකයින් පවසා තිබේ.
කෙසේවෙතත් මෙම නියමුවන් රහිත චීන ගුවන් යානය මඟින් භූමියේ ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව නිෂ්පාදකයින් පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයි

Shiran Viraj

කොළඹ ජාතික රෝහලේ ජල කුළුණට නගින්න ගිය දෙදෙනෙක් අල්ලයි – වස මුසු කරන්න දැයි සැකයක්

Shiran Viraj

වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑ

Shiran Viraj
Translate »