mediahumanrights.lk
NewsSportsSports News

චන්දිමාල් ඇතුළට එද්දී හේරත් අවිනිශ්චිත වෙයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා සහභාගී වනු ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.
කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ පැවසුවේ රෝගාතුර වූ චන්දිමාල් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
ඔහු ඊයේ (30) දිනයේ දී පන්දුවට පහරදීමේ පුහුණු සැසි සඳහා පැමිණි බවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකරු පැවසුවා.
කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් පළමු තරගයට සහභාගී නොවීම හේතුවෙන් එම තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ රංගන හේරත්.
එහෙත් ඔහු එහිදී ආබාධයකට ලක්වුණා. කෙසේ වෙතත් හේරත් තවමත් පූර්ණ සුවය ලබා නොමැති බවයි කණ්ඩායම් කළමනාකරු සඳහන් කළේ.
බොහෝ දුරට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමේ පවතින බව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණා.
චන්දිමාල් පැමිණීමෙන් පසු අංක තුනේ ස්ථානයට යළි කුසල් මෙන්ඩිස් පැමිණෙන අතර චන්දිමාල් අංක 04 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇති.
ශ‍්‍රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අගෝස්තු 03 වැනිදා කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

Shiran Viraj

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Shiran Viraj

මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

Shiran Viraj
Translate »