32.8 C
Colombo
2026-01-28
mediahumanrights.lk
Local NewsNews

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා නොගැනීම නිසා ගැටළු මතුවෙලා

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට ගැටළුකාරී තත්ත්වයක්  හටගෙන ඇති බව රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට සාපේක්ෂව මේ වන විට සිටින  විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවය.
අදාළ ගැටළුවට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන්  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට ද තීරණය කර ඇති බව ධර්මකීර්තී ඈපා මහතා කියා සිටියේය.
ඒ අනුව ඉදිරි සතිය තුළ කොළඹ ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සේවයෙන් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

Shiran Viraj

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Shiran Viraj

සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

Shiran Viraj
Translate »