mediahumanrights.lk
Entertainment Entertainment News News

ගුරුකමක් නිසා මැරි මැරී උපදින ජනප්‍රිය ගීත රචකයාගේ බිරිඳ හෙළි කළ ඇඟ කිලිපොලා යන කතාවක්

‘‘මාමයිට් කුප්පි පහළොවක් හම්බුණා…“
‘‘බොරුවක් නෙමෙයි මා ගාව සාක්ෂි තියෙනවා..“
‘‘පිහාටුවක් යනවා වගේ නිතරම දැනෙනවා…“
කවදා හරි දවසක මොනයම් හෝ හේතුවකට දැන දැනම කරන වැරදි වලට පව් ගෙවන්න වෙනවා කියලා බොහෝ දෙනා කියනවා.කර්මයට පාර කියන්නේ අපිමයි. අපි කරන අහේතුක දේවල් කර්මයට එකතු වෙද්දී දුක් විදින්න වෙන්නේ අපිටමයි. මේ කියන්න යන්නේ පෙර ආත්මයේ හෝ කළ වරදක් මේ ආත්මයේදී විඳින්න වූණු අදහාගත නොහැකි නමුත් සත්‍ය කතාවක් ගැනයි.
මේ කතාවේ ප්‍රාධාන චරිතය ලංකාවේ අතිශය ජනප්‍රිය ගීත ගොන්නක් ලියු පදරචකයෙක් හා ප්‍රවීණ මාධ්‍ය වේදියෙක් ගැනයි. මේ සංවේදී කතාව හිරුගොසිප් වෙත කියන්නේ ඔහුගේ ආදරණිය බිරිඳයි.
“මහත්තයා පහුගිය දවස්වල චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන ගමන් හිටියේ. ඒ අතරතුර ගෙදර ආවා. එක පාරටම හාට්අටැක් එකක් ආවා. ඒක දරුණු එකක්. එයාව රෝහලට අරගෙන ගියා.පසුගිය 9 දා. එයාව පරික්ෂා කළ වෛද්‍යවරයා මට කතා කරලා කිව්වේ ඔහුගේ ජිවිතේ අවධානමක තියෙන්නේ. ජිවත් වෙන්න ප්‍රවණතාවය 50%ක් ඒ නිසා අපි හිත හදාගෙන ජිවත් වෙමු කියලා. ඒ මොහොතේ මගේ හිත කඩාගෙන වැටිලා ඉවරයි. ප්‍රෙෂර්  වැඩි  වෙලා අතක් කඩාගෙන වැටුණා මහත්තයාගේ. ඒ වගේම කකුලක් පණනැති වුණා…”
ඇය වේගයෙන් කියාගෙන ගියා. ඇය කියන්නේ ඔහු විටින් විට අසනීප වෙන්න හේතුව හා පිඩාවිදින්න හේතුව ඔවුන්ට ගුරුකම් කිරීම කියලයි.
“ඊට පස්සේ අපි දන්න මෑණියෝ කෙනෙක් ඉන්නවා. ඇයට විස්තරය කිව්වා. ඇය කිව්වා මම යම් දෙයක් කරනවා හෙට උදේ දහය වෙනකොට මහත්තයාගේ ප්‍රථිපල සුබ වෙයි කියලා..මහත්තයා ළඟ පුද්ගලයෙක්ව නතර කරලා තිබුණා. ඒ වෙනකොට මහත්තයාට සේලයින් ඔක්සිජන් දීලා තිබුණා. මහත්තයාට වෑල් එකක් දාන්න වෙයි කියලත් රෝහලෙන් කිව්වා. නමුත් ඊට පහුවදා මහත්තයා ළග හිටපු පුද්ගලයා මට කතා කරලා කිව්වා මාර වැඩක්නේ මිස් මහත්තයා කතා කරනවා හොදට කියලා. මම රෝහලට ගියා. ඔහු ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා..වෛද්‍යවරු පවා පුදුමයට පත් වුණා. දැන් රෑට සේලයින් එකක් විතරයි දෙන්නේ.. ඔක්සිජන් පවා අයින් කරා..”
ඇය වගේම ඔහු හා පුතණුවන් පීඩනයෙන් අසනීපයෙන් ජිවත් වෙන්නේ දැනට වර්ෂ 15ක සිටයි. මේ කාලය පුරාවටම ඔවුන් දුක් විඳ තිබෙනවා. මොහුව විවාහ කරගත් පසුව මෙන්ම ඊට පෙරත් යහමින් මුදල් තිබු බවයි ඇය සඳහන් කරන්නේ. මේ වනවිට අන්ත අසරණ වී ඇති බවත් ගමනක් යාම සඳහාවත් වාහනයක් දැන් නොමැති බවත් ඇය පවසනවා.
“මගේ පුතාට වයස අවුරුදු තුනකදී තමයි අපිට ගුරුකමක් කරලා තියෙන්නේ. මහත්තයාව කැමති කරගෙන ඔහු හරහාමයි ගෙදර වටේට වළලන්න ඕන කරන දේවල් කරන්න පොලඹවලා තියෙන්නේ. ගුප්ත පිල්ලියක් හරහා තමයි ගුරුකම කරලා තියෙන්නේ. ඒ නිසා මම මගේ මහත්තයා වගේම පුතා යන එන තැන්වලට පවා ශබ්දයක් එනවා. අපිත් එක්ක කවුරු හරි හිටියොත් ඒ අයටත් ඒ ශබ්ධය ඇහෙනවා.හරියට රතිඤඤා පිපිරෙනවා වගේ සද්දයක්. අපිට වැඩක් කරගන්නවත් බැහැ. අපේ ගෙවල් අහල පහළ ඉන්න කාන්තාවක් හා ඇයගේ පවුලේ අය හවුල් වෙලයි මේක කරලා තියෙන්නේ. මහත්තයාව රවටාගෙන සල්ලි ලක්ෂ 20ක් විතර අරගෙන ඒ කාන්තාව. අපි කිහිප තැනකින්ම බැලුවා. හැමතැනින්ම කිව්වේ මහත්තයා විඳවලා මැරෙන විදිහට මේක කරලා තියෙන්නේ කියලා. ඒ වගේම එක මෑණියෝ කෙනෙක් තමයි අපිට අන්තිමට පිහිට වුණේ. ඒ මෑණියෝ අපිට කිව්වා ගෙදර තැන් කිහිපයක් කියලා ඒ තැන් වල පොළොව හාරලා බලන්න බෝතල් හා කුප්පි ඇති කියලා. අපි බැලුවා. මාමයිට් බෝතල් පහළොවක් හම්බුණා. ..ඒ වගේම ගුරුකම කළ ඒ කාන්තාවගේ නම සම්පුර්ණයෙන්ම කිව්වා.මගේ මහත්තයා ක්‍ෂය වෙනවද කියලා ඇහුවා. මේ සියල්ලම ඇත්ත..”
මේ කාලය පුරාවටම පිල්ලිය මේ අය පිටුපස එන්නේ කවුඩකු , කිරලකු පිලිහුඩුවෙකු හා කොකුන් හරහායි. වැදගත් වැඩක සිටින විට ශබ්ධ නගා මේ වැනි සතුන් මොවුන් ළඟින් ගමන් කරයි.
“ළඟදි දවසක මිදුලේ හිටපු කොකෙක් මගේ පස්සෙන් පැන්නුවා..ළඟින් පිහාටුවක් යනවා වගේ නිතරම දැනෙනවා. මේ ප්‍රශ්නෙන් අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ..ඒ ගැණු කෙනා පැල්පතක ජිවත් වුණේ මගේ මහත්තයාව රවට්ටාගෙන ගුරුකම් වලින් ඒ ගැණු කෙනා මුදල් ඉල්ලා ගෙන දැන් සැපවත් ජිවිතයක් ගත කරනවා.. මොකක් හෝ බලවේගයකින් තමයි මහත්තයාව හසුරවන්නේ..මගේ මහත්තයා මටයි පුතාටයි හුගක් ආදරෙයි.. මොන දේ වුණත් ඔහු අපිව අතහැරියෙත් නැහැ. අපි ඔහුව තනි කලෙත් නැහැ. මිට අවුරුදු ගණනකට කලින් මමයි පුතයි සල්ලි නැතුව බඩගින්නේ හිටපු වාර අනන්තයි.. අපි හරියට දුක් විදිනවා… පුතත් ලෙඩ වෙනවා. එයා සංගීතයට දක්ෂ දරුවෙක්. මහත්තයාට වුණත් කලාව පැත්තෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.. නමුත් මහත්තයා අසනීප වෙනවා. බලාගෙන ඉන්නකොට කෙට්ටු වෙනවා.. පුතා කියනවා එයාට මේ ජිවිතේ එපා වෙලා මැරෙන්න හිතෙනවා කියලා..”
ඇය අසරණ ලීලාවෙන් පවසද්දී මෙවැනි සිද්ධි කෙනෙකු අසත්‍යක් බව පවසාවි නමුත් මෙය සතයක් බවත් ඊට ඕන තරම් සාක්ෂි ඇති බවත් සදහන් කළා.
ගුරුකම් පිලිබදව විවිධ මත තිබුණත් ඒ ගැන නොසිතා සිටීමෙන් බොහෝ පවුල් ජිවිත මේ වන විට අවුල් වී ඇති බවත් ඇය අප සමග කිව්වා.
” මමත් ගුරුකම් ගැන හිතුවේ නැහැ ..විශ්වාස කළේ නැහැ ..දැන් මහත්තයාගේ යාළුවෝ පවා කියන්නේ මේක එවැනි දෙයක් ඉක්මණින් යම් දෙයක් කරන්න කියලා.. ඒ අයත් උදව් කරන්නම් කිව්වා.. අපි ඒ අය කරපු බලවත් ගුරුකම අවුරුදු 15ක් තිස්සේ අයින් කරන්න උත්සහ කරත් ඔවුන් යළි යළි එයම කරනවා. ගුරුකම් ඉවත් කරන්න බැරි විදිහට කරලා තියෙන්නේ..මේ කතාව කියන්න හිතුවේ සමාජ දැණුවත් වෙන්නයි..”
ඇය කතාව අවසන් කරමින් එසේ ප්‍රකාශ කළා..
(under the courtesy of hirunews news web)

Related posts

වෛද්‍ය ශිෂ්‍යයෙකු සුදුවෑන් කල්ලියකින් පැහැර ගැනීමේ තැත වරදී

Shiran Viraj

එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..

Shiran Viraj

අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයි

Shiran Viraj