26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

හිටපු ඇමති පුතා පැදවූ රථය අනතුරකට

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේනගේ පුත්‍රයා අපරීක්ෂාකාරී ලෙස පැදවූ බව කියන කැබ් රථයක ගැටීමෙන් මෝෆේඩ් යතුරු පැදියක ගමන් කළ වයස්ගත පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඊයේ (02) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පෙදරේරුවෙක්.  ඔහුව මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරෙන් පසු කැබ් රථය පැදවූ හිටපු ඇමැති පුත්‍රයා ද රෝහල් ගතවී ඇත්තේ සුක්කානම පපුවේ ගැටුණු බව කියමින්.
කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොමැති බවයි වාර්තා වෙන්නේ.
අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුළම කිරියගස් හන්දිය ආසන්නයේදී මෝෆෙඩ් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි වයස්ගත පුද්ගලයා මුහුණට මුහුණලා කැබ් රථයේ ගැටී අනතුරට ලක්වී තිබෙනවා.
හිටපු අමාත්‍ය පුත්‍රයා වේගයෙන් රථය පදවාගෙන පැමිණ කිරියගස් හන්දියේ පිහිටි වංගුවේදී රථය මාර්ගයේ අනෙක් පසට බරව ගමන් කරද්දී අනතුර සිදුව තිබෙන බවද ඔහු පැදවූ කැබ් රථය  මාර්ගයෙන් ඉවතට පැන පැති කාණුවක   නතර  වී තිබුණු බවද ‍පොලීසිය පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

රජයේ ඉඩම් භාවිතා කරන අයට ළඟදීම සින්නක්කර ඔප්පු

Shiran Viraj

හවසට ගිගුරුම් සහිත වැසි

Shiran Viraj

ඡන්දෙ ඉල්ලන්න සැරසෙන රජ්‍ය නිලධාරීන්ට දාපු සීමාව හොඳයිලු

Shiran Viraj
Translate »