27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

වත්තල කොල්ලයේ සල්ලි බෙදා ගත් හැටිත් වමාරයි

ඉකුත්දා සිදු වූ රුපියල් ලක්ෂ 77 ක මුදල් කොල්ලයට අදාළ තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මෙම කොල්ලය ඉකුත් 26 වැනිදා සිදු වූයේ රාගම බැසිලිකා විද්‍යාලය අසළදීයි. වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක මුදල් කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින් තිබිය දී කොල්ලය සිදු වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 05ක්. ඉන් තිදෙනෙකු යුද හමුදාවේ සේවය කරන අයයි.
කොල්ලය සිදු කිරීමට ඔත්තුව ලබාදී ඇත්තේ රෙදි පිළි අලෙවි සැලේම සේවකයෙකු බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වුණේ.
ඔහු විසින් එස්. එෆ්. ජගත් නැමැති අයෙකුට ඊට අදාළ තොරතුරු සපයා තිබෙනවා.
කොල්ලකෑ මුදලින් අලෙවිසැලේ සේවකයාට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදී ඇතැයි සඳහන්. සෙසු සිව්දෙනා රුපියල් ලක්ෂ 14 බැගින් බෙදාගෙන ඇති බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වුණේ. කැලණිය විශේෂ අපරාධ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

Shiran Viraj

විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..

Shiran Viraj

චන්දිමාල් ඇතුළට එද්දී හේරත් අවිනිශ්චිත වෙයි

Shiran Viraj
Translate »