30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

රඟපාන්න චරිත නැති හින්ද ද ගිවන්ත නිවේදනයට ආවේ…

පවුල් ජීවිතේ ප්‍රශ්න නෑ…
කලා ලෝකයේ වත්මන් තරුණ පරපුර අපි හිතනවට වඩා දක්‍ෂයි. වෙන රැකියාවක්‌ කර කර ඉන්න ගමන් වුණත් අහම්බෙන් වගේ කලාවට ඇවිල්ලා කලා ලෝකය තමන්ගේ ජීවිතය කරගත් තරුණයන් බොහෝයි. කලාවට එන්න වාසනාව තියෙනවනන් කොහෙන් හෝ කැරකිලා කලාවට එනවා. එතැන ඔහුගේ ජීවිතයේ නවාතැන්පළ වෙනවා. ජනතා ආදරය ලැබෙන්නෙත් ඒ පින නිසාමයි. වාසනාවට කලාවට ආව කියමුකෝ. ඒත් ඒ තුළ ජනතා ආදරය ලබමින් දිගුකලක්‌ රැඳෙන එකයි අමාරු. ඒ කතාව සමානයි අපි අද කතාකරන කෙනාගේ කලාවේ ආගමනයට. වෙන රැකියාවක්‌ කරපු ඔහු අද ජනප්‍රිය රංගන ශිල්පියෙක්‌. ඔහු නමින් ගිවන්ත අර්ථසාද්. බලමු ඔහුත් එක්‌ක පොඩ්ඩක්‌ කතාකරලා.
ගිවන්ත ඉතිං කොහොමද ?
වෙනදා වගේම ඉන්නවා. වරදක්‌ ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ.
ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කිව්වේ ?
නෑ එහෙම කිසිම දෙයක්‌ නෑ. අටලෝ දහමට අනුවනේ හැම දේම වෙන්නේ. ඒ විදියට ඉන්නව ඉතිං.
ගිවන්ත මොකද කරන්නෙ මේ දවස්‌වල ?
මේ දවස්‌වල ටෙලි නාට්‍ය පහක වැඩකටයුතු කරගෙන යනවා. ඒවත් කොටස්‌ කොටස්‌ ෂූටිං කරලා නවත්වනවා. ඊට අමතරව රූපවාහිනි නාලිකාවකින් වැඩසටහනක්‌ ඉදිරිපත් කරන්න ආරාධනාවක්‌ ලැබුණා. ඒ වැඩසටහන කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.
රඟපෑව ඇති වගේ නිසාද නිවේදනය තෝරගත්තේ?
නෑ එහෙම දෙයක්‌ නෑ. නිවේදනයටත් ටිකක්‌ ආසයි. කලිනුත් ආරාධනා ලැබිලා තියෙනවා. මම එච්චර උනන්දු වුණේ නෑ ඒ ගැන. මේක ටිකක්‌ සරල ප්‍රොaග්‍රෑම් එකක්‌. පොඩි හැකියාවක්‌ තියෙනවා කියලා හිතෙන නිසා භාරගත්තා. බලමු නේ…..
කියමු ඒ වැඩසටහන ගැනත් ?
සියත ටී.වී. එකේ රාත්‍රී 9.30 ට “නවයයි තිහ” කියන වැඩසටහන බලන්න කියලා ආරාධනා කරනව මට ආදරය කරන ප්‍රේක්‍ෂකයන් හැමෝටම.
නිවේදනය කරන්න ගිහින් අමාරුවේ වැටෙයිද ?
නිවේදනය කියන දේ ආවට ගියාට කරන්න බැහැ. ඒ ගැන පොඩි දැනුමක්‌ අවශ්‍යයි. වචන භාවිතා කරන කොට ගොඩක්‌ පරෙස්‌සම් වෙන්න ඕන. විශේෂයෙන් සජීවී වැඩසටහන් කරද්දී.
වැඩි කැමැත්ත ටෙලි නාට්‍යයද? නැත්නන් මියුසික්‌ වීඩියෝ වලටද ?
එහෙම එකක්‌ නෑ. මගේ වෘත්තිය රංගනය. මට නියම වුණු මිලක්‌ තියෙවා. ඒ ගාන මට ලැබෙනවනම් මම රඟපානවා. රංගන ශිල්පියෙක්‌ විදියට කරන්න දෙයක්‌ තියෙනවා නම් මම ඒක භාරගන්නවා.
දැනට කරපු චරිතවලින් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර වැඩිම චරිතය ?
ඒක කාලෙන් කාලෙට වෙනස්‌ වෙනවා. මේ දවස්‌වල නම් බොහෝ දෙනා කතාකරන්නේ තරංග දිසානායක නිෂ්පාදනයක්‌ වන රවීන්ද්‍ර විඡේරත්න අධ්‍යක්‍ෂණය කරපු දියණියෝ ටෙලි නාට්‍යයේ ගීත් කියන ඒ වගේම තාමත් මට කතා කරනවා මගේ පළමුවැනි ටෙලිනාට්‍යයේ චරිතය වුණු බෙකම් කියන නමිනුත්.
වේදිකාව පැත්තේ මොකද වෙන්නේ ?
වේදිකාව පැත්තේ ධම්මික අල්විස්‌ගේ සිල්ගත් කොක්‌කු, ෂෙලෝ සහ දුම්මල වරම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට අමතරව මම නිෂ්පාදනය කරපු නාට්‍ය තුනක්‌ ත්‍රිකෝණ නාට්‍යය උළෙලක්‌ විදියට කරන්න අදහසක්‌ තියෙනවා ළඟදීම.
සිනමාවට ආරාධනා ලැබෙන්නෙ නෑ නේද ?
එහෙම කියන්න බෑ. සුනෙත් මාලිංග අයියගේ ස්‌පන්දන චිත්‍රපටියේ තමයි අවසානෙට වැඩ කළේ. ඊට පස්‌සෙ ආරාධනා ගොඩක්‌ ආවා. ඒත් දැන් තියෙන සිනමා රැල්ලත් එක්‌ක අපිට කරන්න අමාරුයි. ඇඟට දැනෙන චිත්‍රපටයක්‌ වුණොත් එක දර්ශනයක්‌ හරි කරනවා.
කොහොමද දැන් පවුල් ජීවිතය ?
ප්‍රශ්නයක්‌ නෑ. දැන් අපි විවාහවෙලා අවුරුදු දහයක්‌ වෙනවා.
පවුල වෙනුවෙන් වෙන් කරන්න කාලයක්‌ තියෙනවද ?
කාලය නම් තියෙනවා ඕනවටත් වඩා. මාසෙකට දින දහයක්‌ විතර නිවාඩු තියනවනේ. අමතර රැකියාවක්‌ කරන්නෙ නැති නිසා කාලය තියෙනවා.
විවාහ වුණාට නිළියන්ගෙන් ආදර යෝජනා එහෙම ආවේ නැද්ද ?
නෑ එහෙම නෑ. මම කාත් එක්‌කත් ඉන්නෙ සහෝදරයෙක්‌ විදියට. ආරාධනා ලැබුණත් ඒවා භාරගන්න එක වැරදියි. එහෙම අරාධනා කරනවනම් ඒ අයත් වැරදියි.
ටෙලිනාට්‍යයක්‌ අධ්‍යක්‍ෂණය කළොත් නරකද ?
මගේම කියලා ටෙලි නාට්‍යයක්‌ අධ්‍යක්‍ෂණය කරන්න මටත් ආසාවක්‌ තියෙනවා.
ඒක ඉටුවෙන්නේ කවද වගේද ?
සමහර විට මේ අවුරුද්දෙම වෙන්නත් පුළුවන්. නැතිනම් ලබන අවුරුද්දේ තමයි. ප්‍රොඩක්‍ෂන් පැත්ත ශක්‌තිමත් වුණාම තමයි ඒ පැත්තට යොමු වෙන්න ඉන්නේ.
සිංදුවක්‌ කරන්න අදහසක්‌ නැද්ද ?
පාටිවලදී මම සිංදු කියනවා. ඒ ඇරෙන්න කියන්න අදහසක්‌ නෑ. දන්නැති දේවල් කරන්න ගිහින් අනාගන්නේ නැතුව ඉන්න එක හොඳයිනේ
කලාවෙ දැන් තියෙන රැල්ල ගැන මොකද හිතන්නේ ?
හිතේ පොඩි පසුතැවිල්ලක්‌ තියෙනවා දැන් කෙරෙන නිර්මාණ ගැන. ඒක ගැන කතා නොකර ඉමු.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…

Shiran Viraj

මෛත්‍රී,මහින්ද රහස් හමුවක් තිබූ බව මෛත්‍රී මැදගොඩ අභයතිස්ස හිමිට කියයි – තොරතුරු හෙළි වෙයි

Shiran Viraj

ලංකාවේ කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවෙයි

Shiran Viraj