29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsSportsSports News

දික්වැල්ල අදත් සියයයි – ආරම්භක පිතිකරුවන් නොදැවී අදත් සටනේ

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගයේදී නිරෝෂන් දික්වැල්ල සිය එක් දින ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ද අද (08) ලබා ගත්තා.
ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද හම්බන්තොට පැවැත්වෙන තරගයේදී.
පෙරේදා (06)  දිනයේදී  ද ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ තරගයේදී ආරම්භක පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන දෙදෙනාම  ශතක ලබා ගැනීමද විශේෂත්වයක්.
මේ වන විට ලකුණු පුවරුව පහතින්  දැක්වෙනවා.
———————————
ධනුෂ්ක දික්වැල්ල අදත් වැඩ පෙන්නූ හැටි – පළමු කඩුල්ල නොබිඳේ (UPDATE) (08-07-2017 11:34)
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 143ක් ලබා සිටිනවා.
පෙර තරගයේදී පළමු කඩුල්ල සඳහා වාර්තා ගත සබඳතාවක් පැවැත් වූ නිරෝෂන් දික්වැල්ල සමග ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේදී ද පළමු කඩුල්ල සඳහා විශිෂ්ට සබඳතාවක් පවත්වනු ලැබුවා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් මේ වන විට ලබා සිටින අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් ලබා සිටිනවා.
මේ වන විට ලකුණු පුවරුව පහතින්  දැක්වෙනවා.
ශ්‍රී ලංකා සිම්බාබ්වේ  සිව්වන සටන ඇරඹේ – අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයි (08-07-2017 09:49)
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූණා.
මෙම තරගය අද (08) පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේදී.
මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙනවා.
දෙරට අතර පැවති පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත් අතර අනෙක් තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා.
ඒ අනූව අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවහොත් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනු ඇති.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද එක් දින තරග වරම් ලබා තිබෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Shiran Viraj

සහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්ත

Shiran Viraj

ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක්

Shiran Viraj
Translate »