26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වීඩියෝවක් සමාජ ජාල කළඹයි -VIDEO

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එය පළමුව ට්වීටර් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්ම වීමද විශේෂත්වයක්.
රෙස්ලින් තරගයක් අතරතුර වූ සිද්ධියක් ඊට ඇතුළත්.
එහි දැක්වෙන්නේ හදිසියේ පැමිණෙන ඩොනල්ඞ් ට‍්‍රම්ප් එහි සිටින පුද්ගලයෙකුට පහරදෙන ආකාරයයි. එම පුද්ගලයාගේ මුහුණට සී. එන්. එන්. මාධ්‍ය ජාලයේ නිල මුද්‍රාව ඇතුළත් කර මෙම වීඩියෝව සකස් කර තිබුණා.
වීඩියෝව අන්තර්ජාලයට මුදා හරිමින් ට‍්‍රම්ප් පවසා ඇත්තේ සී. එන්. එන්. මාධ්‍ය ජාලය ජනතාව රවටන ප‍්‍රවෘත්ති පළ කරන බවයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් 2007 වසරේ පැවති ලෝක රෙස්ලින් ශූරතාවලියට සහභාගී වූ අතර එහිදී පුද්ගලයෙකුට පහරදීම ලොව පුරා කතා බහට ලක්වූ සිද්ධියක්.
මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇත්තේ එම වීඩියෝව නැවත ප‍්‍රතිනිර්මාණය කරමින්.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Shiran Viraj

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj

සතුටුයි! මගේ ජීවිතේ හොඳම සංචාරයක්

Shiran Viraj
Translate »