mediahumanrights.lk
Entertainment Entertainment News News

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Ô සිරස සුපර් ස්‌ටාර් තරගය ඔබේ ජීවිතේ නව මාවතකට රැගෙන ගියා.
ඔව්. ඒක තමයි ඇත්ත. ගායිකාවක්‌ ලෙස හැමෝම මාව අඳුරගෙන ජනප්‍රියත්වයට පත්වුණෙත් නොහිතපු වෙලාවක නොහිතපු දේවල් මගේ ජීවිතේට ළං කළෙත් සිරස සුපර් ස්‌ටාර් තරගය.
Ô එම තරගයට පෙර අමිලාගෙ සංගීත කටයුතු සිදු වුණේ…
මගේ මහත්තය සමන්තට බෑන්ඩ් එකක්‌ තිබුණ. අපි දෙන්න එකතුවෙලා මංගල උත්සව වලට සංගීතය පැත්තෙන් දායක වුණා. ඒ කාලෙ අපිට ගාල්ල – මාතර – රත්නපුර – ඇඹිලිපිටිය වගේ නොයෙක්‌ ප්‍රදේශවලින් ලොකු ඉල්ලුමක්‌ තිබුණා. කොටින්ම අපි ජීවත්වුණේ ඒ ආදායමෙන්.
Ô ඒ ඉල්ලුම පැත්තකට දාල තරුවක්‌ වෙන්න හිතුවා.
ඇත්තටම ඒ තරගයේ මූලික වටය නරඹද්දී මට හිතුනා අපරාදෙ මම හැකියාව තියාගෙනත් ඒ සඳහා ඉල්ලුම් නොකළෙ කියලා. පස්‌සෙ සමන්තත් එක්‌ක කතා කරල දෙවැනි අදියරේ ඉල්ලුම් කළා.
Ô ගීත ගැයීමේ සහජ හැකියාවක්‌ ඔයාට තියෙනවා.
මගේ තාත්තටත් ඒ හැකියාව තියෙනවා. කොහොම හරි මටත් ශ්‍රැතියකට අනුව ගී ගැයීමේ හැකියාව පාසල් කාලයේ ඉඳලම තිබුණා. මහත්තය නිසා ඒ හැකියාව වැඩිදියුණු කරගන්න පුළුවන් වුණා.
Ô දෙවන අදියරේ තුන්වන ස්‌ථානය හිමිවූ ඔබ අද ප්‍රථම හා දෙවන ස්‌ථාන දෙකට ඉදිරියෙන් ඉන්නවා කිව්වොත්.
හැමෝටම එක දෙක වෙන්න බෑනෙ. එදා මට ලැබුණු තැන මම සතුටින් බාරගත්තා. හැමෝම අඬද්දී මම හිතට ලොකු ධෛර්යයක්‌ ගත්තා. මේ ලබපු ජයග්‍රහණයත් එක්‌ක මගේ ඉදිරිය හදාගෙන දක්‍ෂ ගායිකාවක්‌ වෙනව කියල.
Ô ඔය හැමදේමත් එක්‌ක ඔබ ගම අමතක කළා නේද?
ලබපු ජයග්‍රහණයත් එක්‌ක සංගීත කටයුතුවලට බොහෝ ආරාධනා ලැබෙන්න ගත්තා. විවිධ වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්‌ථාව ලැබුණා. ඇත්තටම අවස්‌ථාව කියන එක ඕනම කෙනෙකුට ගොඩක්‌ වටින දෙයක්‌. ගමේ ඉඳන් ඒ දේවල් වලට යොමු වෙන්න අපහසු නිසයි අපි කොළඹ පදිංචි වෙන්න තීරණය කළේ. ඒත් ගම අමතක කරල නෙමෙයි.
Ô ගමෙන් නගරෙට ඇවිත් ගෙවන ජීවිතේ සුන්දරයි වගේ
ඇත්තටම මේ ජීවිතේ හරිම සංකීර්ණයි. ගමේ ගොඩේ එළවළුවක්‌ දරලිපේ උයාගෙන කාල නිදහසේ ඉන්න තිබුණ එක නැතිවීම ගැන කනගාටුවක්‌ තියනවා. ඒත් ජීවිතේ ආපස්‌සට ගෙනියන්නෙ නැතුව දරුවන්ගෙ අනාගතේ සාර්ථක කරල දෙන්න ඕන නිසා අපි දෙමවුපියො විදියට මෙවැනි කැපවීම් කළ යුතුයි.
Ô මේ විදියට ඉදිරියට ආපු අමිලාට ක්‍ෂේත්‍රයේ කැපිලි තියෙනව කියන්නෙ ඇත්තද?
මටම කියල ලොකු බාධා තියෙනව කියල දැනිල නෑ. හැමෝටම තියෙන කැපිලි කෙටිලි පොදුවෙ මටත් බලපානවා. මම ඒ ගැන ලොකුවට හිතන කෙනෙක්‌ නෙමෙයි. කොයි ක්‍ෂේත්‍රයෙද කැපිලි කෙටිලි නැත්තෙ.
Ô මේ අතරෙ ඔබ රංගන ශිල්පිනියක්‌ වෙනවා.
ඔව්. ඒකනෙ මම කිව්වෙ අවස්‌ථාව අපේ ජීවිත වලට වටිනව කියල. ටෙලි නාට්‍ය හතරකත් ජයනාත් ගුණවර්ධනගේ පරාවර්තන කියන චිත්‍රපටයෙත් රඟපාන්න මට අවස්‌ථාව උදාවුණා.
Ô සංගීත අංශයෙන් ඔබ මෙතෙක්‌ පැමිණි දුර
මම සුපර් ස්‌ටාර් තරගයට ඉදිරිපත් වුණේ අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පිනියන්ගේ ගීත කියලා. හැමෝම එන්නෙ ඉතින් එහෙමනෙ. ඒ විදියට ක්‍ෂේත්‍රයට ආපු මට අද මගේම ගීත 50 ක්‌ විතර තියෙනවා. චිත්‍රපට හයකත් ටෙලිනාට්‍ය 20 ක්‌ පසුබිම් ගීත ගායනා කරන්න අවස්‌ථාව ලැබුණා. ඉදිරියේදී නොපෙන්වූ ආදරේ සහ හොරෙන් බලලා සිනා සුනා කියන මගේ අලුත්ම ගීත දෙක විෂුවල් එක්‌කම කරන්නත් සීඩී එකක්‌ කරන්නත් බලාපොරොත්තු වෙනවා.
Ô ඔබ අද දවසේ ගායනය රංගනය අබිබවා යන ව්‍යාපාරික කාන්තාවක්‌ වෙලා නේද?
මෙහෙමයි අපිට යමක්‌ කරන්න පුළුවන් කාලෙ අපේ දියුණුව ඇතිකරගන්න තමයි අපි උත්සාහ කරන්නෙ. ඒ අනුව මම කටුනේරියෙ කංකා නමින් සාරි ෂොප් එකකුත් මහත්තය මාරවිල 69 සුපර් හාඩ්වෙයාර් කියල හාඩ්වෙයාර් සුපර්මාකට්‌ එකකුත් පවත්වාගෙන යනවා.
Ô ඔබේ සංගීත දිවිය ඇගයීමට ලක්‌වූ අවස්‌ථා ගැන සිහිපත් කළොත්
කලාකරුවකුට හෝ කලාකාරිනියකට සම්මානවලින් වඩා වටින්නෙ ජනතා සම්මානය. ඒක මට එදා වගේ අදටත් නොඅඩුව ලැබෙනවා. බොඳමීදුම් ටෙලි නාට්‍යයේ තේමා ගීතයට සම්මානයක්‌ ලැබුණා. විශේෂම දේ තමයි කඩවත පන්සලක සිංදු ලියන හිමිනමක්‌ ලියපු ගීතයක්‌ මම ගායනා කළා කියල තෑග්ගක්‌ විදියට ශ්‍රීමහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවේ අංකුරයක්‌ මට දුන්නා. ඒක තමයි මගේ කලා ජීවිතේ ලැබුණ වටිනාම දේ. මම ඒකට සත්කාර කරන්නෙ පුදුම ගෞරවයකින්. ආරක්‍ෂා කරන්නෙ පණටත් වඩා.
Ô කාර්යබහුලත්වය මැද ගෙවෙන ඔබේ ජීවිතේ ගෙදර දොර වැඩට බාධාවක්‌ නෙමෙයිද?
එදා වගේම මගේ අම්ම හෙවණැල්ල වගේ මගේ ළඟට වෙලා ගෙදර දොර වැඩකටයුතු හැමදේම කරල දෙනවා. අනිත් හැමදේම සමන්තත් මමත් එකතුවෙලා කරගන්නවා. වැඩ අවුල් කරගන්නෙ නැතුව බැලන්ස්‌ එකේ ගමන යනවා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

Shiran Viraj

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

Shiran Viraj

මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටී

Shiran Viraj