mediahumanrights.lk
Local News News

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

වත්තේගම යටවර ප්‍රදේශයේ දී‍ සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ.
සිය මව සමග ලොරි රථයක පිටුපස ගමන්ගත් දැරිය ලොරි රථයේ දොර විවෘත වී මාර්ගයට ඇද වැටී අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
බරපතළ තුවාල ලැබු දැරිය මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙහැවිරිදි දැරියකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

O/L ප්‍රතිඵල අද හවසට

Shiran Viraj

කඩා වැටුණු හෙලිකොප්ටරයට සුළු හානි – නියමුවාට ජනපතිගෙන් ප‍්‍රශංසා

Shiran Viraj

තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටු

Shiran Viraj