mediahumanrights.lk
Local NewsNewsPolitical

හෙඩ්ලයින් හොඳයි ප්‍රතිඵලය භයානකයි

රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන සියල්ල සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය පුර්ණ සහයෝගය ත්‍රිවිධ හමුදාව ලෙස ලබා දීමට ඉදිරිපත් වන නමුත් මෙතෙක් එලෙස හමුදාවට කිරීමට තරම් දෙයක් රට තුළ ඇති වී නොමැති බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
“සංහිඳියාවයි සංග්‍රාම ශක්තියයි“නමින් හෙට(14) දිනයේ පැවැත් වීමට නියමිත රණවිරු උපහාර සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ වන විට රටේ ජනතාවට විවිධ අංශ තුළින් නිදහස හිමි වී ඇති බවත් එය භුක්ති විදිමින් මාධ්‍ය පවා සමහර අවස්ථාවලදී හැසිරමින් සිටින බවත් ලේකම්වරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
සමහර අවස්ථාවලදී පුවත් සිරස්තල සඳහා එවැනි ජාතිවාදී පුවත් ආකර්ශනීය වුවද එය තුළ වු යථාර්ථය එවැන්නක් නොවන බවත් කරුණාසේන මහතා කියා සිටියේය.
කෙසේ වුවද රට තුළ බහුතරයක් තුළ සහජීවනය පවතින බවත් සුළුතරයක් වු අන්තවාදී පිරිස් නොයෙක් ප්‍රශ්න ඇති කරන බවත් පැවසු ලේකම්වරයා තව දුරටත් පවසා සිටියේ මාධ්‍ය අද වන විට සුළු දෙයක් අල්ලා ගෙන බරපතළ තත්ත්වයක් ගොඩ නැගීමට උත්සහ කරන බවත් කළ යුතු වන්නේ සියලු දෙනාට මෛත්‍රිය ඇති වන ලෙස කටයුතු කිරීමත් බවත්ය.
(under the courtesy of adaderana news web)

Related posts

බරපතළ රිය අනතුරින් පසු දිමංක සහ සඳුන් ෆේස්බුක් ඇවිත් කිව්ව කතාව

Shiran Viraj

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට

Shiran Viraj

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Shiran Viraj
Translate »