2026-02-10
mediahumanrights.lk
Local NewsNews

හබරණ මාරක රිය අනතුරක්

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස්කොටුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් ගසක ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූ රියදුරා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ලොරි රථයේ සහයක දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(under the courtesy of adaderana news web)

Related posts

දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට

Shiran Viraj

බස් නැතිව දීර්ඝ පෝලිම්..

Shiran Viraj

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

Shiran Viraj
Translate »