27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

සීනි කිලෝවක තොග මිළ රුපියල් තුනකින් අඩු වුවද සිය නිෂ්පාදනවල මිළ පහත නොදමන බව ආපන ශාලා සහ බේකරි හිමියන් පවසනවා.
රුපියල් 99 ක් ව පැවති සීනි කිලෝවක තොග මිළ රුපියල් 96 ක් දක්වා අඩු කිරීමට සීනි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (17) තීරණය කළා.
සීනි ආනයනකරුවන් සතුව කොපමණ තොග ප‍්‍රමාණයක් ඇත්දැයි හෙළි කරන ලෙසයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඉල්ලා සිටින්නේ.
ඉකුත්දා සීනි මිළ ගණන් ඉහළ ගියද සිය නිෂ්පාදනවල මිළ ඉහළ නොදැමු බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. එවන් පසුබිමක සිය නිෂ්පාදනවල මිළ පහත දැමිය නොහැකි බවද එම සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

Shiran Viraj

විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලු

Shiran Viraj
Translate »