28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

සමෘද්ධියේ දේශපාලන යටි අරමුණක් ඇති බවට සැක පළ කෙරේ

සමෘද්ධි සේවක පුරප්පාඩුව සඳහා  කොටසක් පමණක් බඳවා ගැනීමට ගෙන ඇති තීරණය වෙනස් කර   දිවිනැගුම තරග විභාගය සමතුන් හට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුව වහා පියවර  ගත යුතු බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ප‍්‍රධාන ලේකම්  චාමර මද්දුම කළුගේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3771 ක් පුරප්පාඩුව තිබියදී ඉන් 1907ක්  පමණක් බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
ජුලි 11 දින සිට ආරම්භ වන සම්මුඛ පරීක්‍ෂණය සඳහා බඳවා ගැනීමට තීරණය කර ඇති ප‍්‍රමාණයෙන් කොටසක් පමණක්  කැඳවීමට කටයුතු කිරීම විභාගය සමත් වු බහුතර දරුවන් හට බරපතල අසාධාරණයක් සිදු කර ඇති බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
2016.01.14 දිනැති ගැසට් නිවේදනයට ප‍්‍රකාරව 2016.09.18 දින පවත්වන ලද දීප ව්‍යාප්තව තරඟ විභාගයෙන් සමත් වු 9316 අතුරින් දිස්ත‍්‍රික් පුරප්පාඩු සංඛ්‍යාව මත අදාල තෝරා ගැනීම සිදු කර තිබෙනවා.
මේ වන  සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් සඳහා පුරප්පාඩුව පවතින අතර  සමෘද්ධි බැංකු වල නිලධාරීන් 619ක් සඳහා ද දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 25 හි නිලධාරීන් 233  ක් සඳහා ද  ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල වල 687 ක් සඳහා ද   ග‍්‍රාම නිලධාරී වසම් වල නිලධාරීන් 2851 ක් සඳහා ද පුරප්පාඩු ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.
පුරප්පාඩු සම්පුර්ණ කිරීමට විධිමත් ක‍්‍රමවේදයක් තිබියදීත් එසේ නොකිරීමට ආණ්ඩුව පියවර නොගැනීම මත දේශපාලන හිතවතුන් මෙම තනතුරු සඳහා පසුව බඳවා ගැනීමේ යටි අරමුණක් පැවතිය හැකි බවට සාධාරණ සැකයක් මතුව ඇති බව ද එහි සඳහන්  වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..

Shiran Viraj

නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයි

Shiran Viraj

ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට

Shiran Viraj
Translate »