2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

සංගාගෙන් යළිත් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත් වුණා.
ඒ, රෝයල් ලන්ඩන් එක්දින ක්‍රීකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගයකදී යෝක්ෂය කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කරමින්.
සරේ කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර මෙම තරගයේදී ලකුණු 121 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
සංගක්කාර පළමු පෙළ තරගවලදි ශතක 61 ක් වාර්තා කර ඇති අතර ඒ කාණ්ඩයේ තරගවලදි ශතක 39 ක් වාර්තා කර තිබෙනවා.
මීට පෙර මෙවැනි දක‍ෂතාවක් දක්වා ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණයි.
එහි ප්‍රමුඛයා වන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් වෘත්තීය තරගවලදි ශතක 142ක් රැස්කර ඇති අතර සහීර් අබ්බාස් ශතක 127 ක් රැස්කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Shiran Viraj

ඩොලරය නොනවත්වා දිගු ගමනක

Shiran Viraj

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයි

Shiran Viraj
Translate »