2026-08-19
mediahumanrights.lk
Local NewsNewsPolitical

ලොතරැයි මණ්ඩල තමන් යටතට ගත් හේතුව රවී පළමු වරට හෙළි කරයි

මුදල් අමාත්‍යංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යංශය යටතට ගෙන ඇත්තේ එහි සිදුවන දූෂණ වංචා නතර කිරීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ලොතරැයි මණ්ඩලවල සිදු වූ දූෂණ සහ වංචා අවම කිරීමට කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.
මේ හේතුවෙන් පාඩු සිදු වූ බව කියූ එක් ආයතනයක් විශාල ලාභයක් ලැබූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු පැවසුවේ එම ආයතන විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ඒවා තමන් යටතට ගත් බවයි.
ඊට මුදල් අමාත්‍යවරයාගේ කිසිදු විරෝධයක් නොමැති බවද අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියා. ඒ, අද පැවති මාධ්‍ය හමුවක එක්වෙමින්.
එහිදී ශ‍්‍රී ලංකාවට ලැබුණු ජී එස් පී ප්ලස් සහනය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
මෙම සහනය තුළින් රට තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ශ‍්‍රී ලංකාවේ තානාපති කාර්යාල සම්බන්ධයෙන් ඉදිරියේ දී තීන්දු තීරණ රැසක් ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…

Shiran Viraj

” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.

Shiran Viraj

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Shiran Viraj
Translate »