26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
News

ලන්ඩන් අනතුරේ ලාංකිකයන් ගැන සොයයි

බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ එම ගොඩනැඟිල්ලේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
අද(14) අළුයම මහල් 24කින් සමන්විත ගොඩනැඟිල්ලක දැවැන්ත ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීම සඳහා මේ වන විටත් ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් සිරවී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්

Shiran Viraj

ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..

Shiran Viraj

හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැ

Shiran Viraj
Translate »