2026-07-08
mediahumanrights.lk
BusinessBusiness NewsNews

නිෂ්ඡන්ද කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කරයි

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දැනට ලැයිස්තුගත වී ඇති හා ගනුදෙනු වන නිෂ්ඡන්ද කොටස් දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමට නියමිත බව නිවේදනය කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වන අතර ලොව පුරා ඉහල පෙළේ කොටස් වෙළෙදපොළ සහ දර්ශක නිර්මාපකයන් රැසක්ම දැනටමත් මෙම ක්‍රමය භාවිත කරමින් පවතී. ලෝක කොටස් හුවමාරු සංගමෙයේ(WFE) සදහන් සංඛ්‍යාන අර්ථ දැක්වීම අනුව නිෂ්ඡන්ද කොටස් දේශීය වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීමට ඇතුළත් කිරීම  සඳහා නිර්දේශ සපයා තිබේ.
ඒ අනුව 2017 ජුනි මස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී දැනට ලැයිස්තුගත වී ඇති නිෂ්ඡන්ද කොටස් සියලු කොටස් මිල දර්ශකය(ASPI) ගණනය කිරීම සඳහා  අන්තර්ගත කරනු ලැබේ. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට (S&P Sri Lanka 20) අදාළ සමාගම්වල ලැයිස්තුගත වී ඇති නිෂ්ඡන්ද කොටස්, ඔවුන්ගේ ද්‍රවශීලතා සුදුසුකම් සපුරාලීමෙන් පසුව S&P SL20 දර්ශකයෙහිද අන්තර්ගත කරනු ලැබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Shiran Viraj

රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

Shiran Viraj

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Shiran Viraj
Translate »