26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

දෙනෝදාහක් බලා සිටියදී සිදු වූ, රාගම කොල්ලයේ තොරතුරු රැසක් එළිවෙයි

වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල් ලක්ෂ 77ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳ කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ගිනි අවි සහිතව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු මෙම කොල්ලකෑම සිදු කළේ රාගම බැසිලිකා විද්‍යාලය අසලදීයි.
අදාළ මුදල් තොගය කඩවත ප්‍රදේශයට රැගෙන යමින් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.
මේ වනවිට අනාවරණ වී ඇත්තේ කොල්ලකෑම සඳහා පැමිණි මෝටර් රථය යතුරුපැදියක අංක තහඩු සහිතව පැමිණ ඇති බවයි.
එම අංක තහඩුවට අනූව යතුරුපැදිය තලවතුගොඩ ගරාජයකට අයත්ව තිබූ බව අනාවරණය වී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Shiran Viraj

ආත්‍රයිටිස්‌ රෝගයට දින දොළහේ කසාය

Shiran Viraj
Translate »