31.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
International NewsNews

තෙරේසාට උපදෙස් දුන් ප්‍රබලයින් දෙදෙනෙක් පක්ෂය හැර යයි

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ උපදේශකයින් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අගමැති කාර්ය මණ්ඩලයේ ප‍්‍රධාන උපදේශකයෙකු වන නික් තිමති සහ එම උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් වන ෆියෝනා හීල් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි.
තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මේ වනවිට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වෙත ලිඛිත දැනුම් දීමක් ද සිදු කර තිබෙනවා.
ඉකුත් බ‍්‍රහස්පතින්දා පැවති බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂයට බහුතර බලය අහිමි වීම නිසා ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බහුතර බලය අහිමි වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වුණා.
මේ අතර කන්සර්වේටිව් පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බි‍්‍රතාන්‍ය ඩිමොක‍්‍රටික් යුනියනිස්ට් පක්ෂය තීරණයකර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේ

Shiran Viraj

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

Shiran Viraj

දුරකතන ආනයනය තහනමට සූදානම්…

Shiran Viraj
Translate »