31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවැති ඩෙංගු මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් උපදෙස් ලබාදුන්නේ පැරසිටමෝල් වර්ග හැර අනෙකුත් වේදනානාශක උණ රෝගය සඳහා භාවිතා නොකරන ලෙසයි.
එමෙන්ම පෞද්ගලික රෝහල්වල නේවාසික ගාස්තු, පරීක්ෂණ ගාස්තු ඇතුලූ සියලූම අයකිරීම් ඉදිරියේදී නියාමනය කරන බවද එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා පහළ බසී

Shiran Viraj

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයට

Shiran Viraj

එන සතියේ රෝහල් පද්ධතිය බිද වැටෙයි.. ඉන්ධන නෑ…

Shiran Viraj
Translate »