mediahumanrights.lk
Local NewsNews

ජලගැලීම් තත්ත්වය පහව යයි

දිස්ත්‍රික් රැසකට බලපා තිබූ ජලගැලීම් තත්ත්වය මේ වන විට කමයෙන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහෙත් ද්ස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් සුළු ජලගැලීම් තත්වයක් පවතින බව වාර්තා වෙයි.
ජලගැලීම් හේතුවෙන් ඇණ හිට තිබූ මාර්ග රැසක ගමනාගමන කටයුතු ද මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ප්‍රධානී එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පුද්ගලයින් හයලක්ෂ 30,082කු මේ වන විට පීඩාවට පත්ව සිටියි.
පවුල් 19,019කට අයත් පුද්ගලයින් 73,561 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වල රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ වන විට පුද්ගල මරණ 203ක් වාර්තා වන අතර තවමත් පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන්ය.
(under the courtesy of adaderana news web)

Related posts

"අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු" – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයි

Shiran Viraj

කඩ කලොත් නීති පියවර ස්ථිරයි "විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයි

Shiran Viraj
Translate »