31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

කොළඹ අපිරිසිදු කරන්න සංවිධානාත්මක කුණු දමනවා

මේ වන විට කොළඹ නගරය පුරා කුණු කඳු දැකිය හැකි බවත් එම කුණු නිවාසවලින් බැහැර කරන බවක් දක්නට නොලැබෙන අතර සංවිධානාත්මකව කොළඹ නගරය අපිරිසිදු කිරීම සඳහා එලෙස කසළ බැහැර කර ඇති බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා පවසයි.
ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
මේ අතර කුණු කසළ වෙන් නොකර ලබා දීම විශාල ගැටළුවක් වී ඇති බවත් ජනතාවගේ මෙම ක්‍රියාවලියට සහයෝග දැක්වීම සඳහා කුණු කසළ වෙන් කර ලබා දෙන ලෙසද නාගරික කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.
එලෙස නොකරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.
එමෙන්ම මේ දිනවල මාධ්‍ය තුළින් යුද හමුදා නිලධාරින් විසින් කුණු ඉවත් කිරීමට යොදවා ඇති බවට වැරදි අවබෝධයක් සමාජයට ලබා දී ඇති බවත් කිසි විටෙකත් හමුදා නිලධාරින් කුණු ඉවත් කිරීමට යොදා නොගන්නා අතර එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට පමණක් ඔවුන් සම්බන්ධ කර ගන්නා බව ද කොමසාරිස්වරයා කියා සිටියේය.
කොළඹ කුණු ඉවත් කිරීම සඳහා හොඳ ශක්තියක් හා හැකියාවක් කොළඹ මහනගර සභාවට පවතින බව ද ඔහු මෙහිදී අවධාරණය කෙරිණි.
(under the courtesy of adaderana news web)

Related posts

Tech News – BNZ flips switch on Apple Pay in New Zealand

Shiran Viraj

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Shiran Viraj

එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!

Shiran Viraj
Translate »