mediahumanrights.lk
Local NewsNews

කොට්ටාවේ තරුණියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණයක

කොට්ටාව – හොරණ පාර ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසියට පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.
එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තරුණිය සමග තමන් මීට පෙර ප්‍රේම සබඳතාවක් පැවැත්වූ අතර, සති කිහිපයකට ඉහතදී එය නවතා දැමූ බවයි.
ඉන් පසුව තමන් තවත් තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවද ඔහු පොලීසියට පවසා තිබෙනවා.
මියගිය තරුණිය තම අලුත් පෙම්වතිය හොර රහසේ හමුවී තමන් පිළිබඳ වැරදි තොරතුරු ප්‍රකාශ කිරීමෙන් උරණවීම නිසා ඝාතනය සිදුකළ බවයි ඔහු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ පස්වරුවේ පොලීසියට භාර වූ සැකකරු හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඝාතනයට ලක්වූ 26 හැවිරිදි මෙම තරුණියගේ පියා ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වනවා.
සැකකරු හක්මන  – බඩබැද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.
කොට්ටාවේ පිහිටි සිය නිවස තුළ කාමරයේ දී ඝාතනට කර තිබූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ සිරුර පසුගියදා හමුවුණා.
ඝාතනයට ලක් වූ තරුණියගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ දී සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ තරුණියගේ ගෙල ප්‍රදේශයේ ඉදිරිපසට හා පසුපසට පිහි පහර 20කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.
එමගින් අධික ලෙස ලේ වහනය වීම නිසා මරණය සිදු වී ඇති බවයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
සැකකරු වසර 02කට ආසන්න කාලයක සිට මෙම නිවසට යන එන පුද්ගලයෙකු බවද සඳහන්.
පරීක්ෂණ වලදී අනාවරණය වුණේ සිද්ධිය වන දිනට පෙර රාත්‍රියේ ඔහු මෙම නිවසේ නැවතී සිට ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj

පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියට

Shiran Viraj
Translate »