27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පකිස්ථානය හමුවේ ඉන්දියාව ලැබූ පරාජය ක්‍රිකට් වාර්තා අලූත්කර තිබෙනවා.
පකිස්තානය, ඉන්දියාව පරාජය කළේ ලකුණු 180කින්. එය ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ තරගාවලියක අවසන් මහා තරගයකදී කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු පරතරය සහිත පරාජයයි.
අවසන් මහා තරගයේ දී පකිස්තානය රැස් කළ ලකුණු 338 ද පකිස්තානය අවසන් මහා තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
ඉන්දියාවට එරෙහිව ඊයේ තරගයේ දී පකිස්තාන ආරම්භක පිතිකරුවන් ලකුණු 128ක සබඳතාවක් ගොඩනැගූ අතර අයි සී සී තරගාවලියක දී ඉන්දියාවට එරෙහිව ශතක සබඳතාවක් ගොඩනැගූ පළමු අවස්ථාව ද මෙයයි.
මෙම තරගයේ දී පකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්, රවිචන්ද්‍රන් අස්වින්ගේ පන්දු 33කදී ලකුණු 45ක් රැස් කළා.
එය කිසියම් පිතිකරුවෙකු අස්වින්ගේ පන්දු හමුවේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

(under the courtesy of nethfm news web)

Related posts

මීතොටමුල්ලට අලුත් උපකරණයක්

Shiran Viraj

පුංචි සක්විති හලාවතින් අල්ලයි

Shiran Viraj

බක්මහ මැරතන් තරගයේදී අවසන් ගමන දුවලා

Shiran Viraj
Translate »