mediahumanrights.lk
Local NewsNews

ඉඩම් මුදලාලිගේ රට ගනුදෙනු ගැන පොලිසිය ඉව අල්ලයි

බොරැල්ලේ ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩම් සහ එපාර්ට්මනට් අලෙවිකරන්නකු ගම්පහ මිරිස්වත්ත වතුරගම පාරේ ඉඩමක් මිලදී ගෙන එහි ගෙවීම් පිටරටකදී සිදු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.
අදාළ, ඉඩම සිරිවර්ධන නැමැත්තෙකුගෙන් මිලදී ගෙන ඇති අතර ඔහුට මුදල් ලැබී ඇත්තේ පිටරටකදී බව පැවසේ.
කෙසේවුවද, මෙය මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වරදක් ලා සැලැකෙන බැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර තුළ හිටපු ජනපතිවරයකුගේ හා ප්‍රබල අමාත්‍යවරයකුගේ මුදල් ඇති බවටද මීට පෙර පොලිසියට සැක පහලව තිබූ බව පැවසේ.
එම ගණුදෙණුවත් සමඟ අදාළ සැකය වැඩිවී ඇති බවද වාර්තා වේ.
කෙසේවුවද, මේ ව්‍යාපාරිකයාගේ විසින් වොඩ් පෙදෙසේ කරන ලද ඉදිකිරීමක් සම්බන්ධයෙන්ද මේවන විට ගැටලු මතුව ඇති බව පැවසේ.
කෙසේවුවද, අදාළ ව්‍යාපාරිකයා මේවන විට විදෙස් රටකට ගොස් අති බවද පැවසෙන අතර, ඔහු හදිස්සියේ විදේශගවූයේ අදාළ පරීක්ෂණ ගැන තොරතුරු අනාවරණයවීමෙන්දැයි සැකයක් මතුව ඇති බවද මේ අතර වාර්තා වේ.

Related posts

යාපනේ තිස්ස විහාරයට පහර දෙන බවට පොන්නම්බලම් නමින් ෆේස්බුක් ගිණුමකින්..

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

Shiran Viraj
Translate »