28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන හැටි ශ්‍රීල.නි.ප.ය කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් ප්‍රධාන අංශ 3 ක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව ශ්‍රි ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
ඒ අනුව මුලික වශයෙන් ඒකීය රාජ්‍ය සංකල්පය ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවත්, බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතු බවත් පැවසු සභාපතිවරයා කියා සිටියේ ඒ තුළින් බුද්ධ ශාසනය පෝෂණය කර ඉදිරියට ගෙන යෑම හා අනෙකුත් ආගම් ඇඳහීමට ඇති අයිතිය තහවුරු කිරීම ප්‍රධාන වන බවයි.
එමෙන්ම පළාත් වෙන් වෙන් වශයෙන් ඉදිරියටත් පැවතිය යුතු බවත් කිසි විටෙකත් පළාත් එක් වන ලෙස නීති සම්පාදනය කිරීමෙන් වැළකිය යුතු බවත් ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ අතර මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට කේවල මැතිවරණ ක්‍රමයක් ඉදිරියේදී අවශ්‍ය වන බවත් ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් තරුණ පෙරමුණ ඕනෑම විටක පෙනී සිටින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]

Shiran Viraj

ලංකාවට සංචාරය කරන්න එපා යැයි කටාර් ජාතිකයින්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර විශ්‍රාම ගනී

Shiran Viraj
Translate »