2026-01-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

2012 වසරේ දුරකතන බිල්පතකින් කෙහෙළියට නඩුවක් වැටෙයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (13) නඩු පවරනු ලැබුවා.
ඒ,  ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී රුපියල් දෙලක්‍ෂ තිස් දහසක සිය පෞද්ගලික ජංගම දුරකතන බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවා ගැනීමේ චෝදනාවකට අදාළවයි.
හිටපු අමාත්‍යවරයාගේ ජංගම දුරකතනයට අදාළ මෙම බිල්පත ලැබී ඇත්තේ 2012 වසරේ මාර්තු මස සිට අපේ‍්‍රල් දක්වා මාසයට අදාළවයි.
මීට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාරට එරෙහිවද එම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම අද නඩු පවරනු ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…

Shiran Viraj

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Shiran Viraj

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?

Shiran Viraj
Translate »