27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Entertainment Entertainment News News

ෆේස්බුක් කුමාරයා නිලුක්ෂිට ලැබිලා

ෆේස් බුක් කුමාරයා තමන්ගේම කර ගත්තා නේද?
ඔව්නේ. මම විවාහ වුණා. එයා මගේම වුණා.
මනමාලියක් වෙන්න දැකපු හීනය හැබෑ කර ගත්ත එක ගැන ගොඩක් සතුටින් නේද ඇත්තේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ විවාහ උත්සවය වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වුණා. ගොඩක් බාධාවනුත් ආවා. හැබැයි හැමදේම පරාජය කරලා අපි ජය ගත්තා.
මොනවද ඔච්චරටම ආපු බාධා?
විවාහ උත්සවයේ සංවිධාන කටයුතුවලට තමයි යම් යම් බාධා ආවේ. හැබැයි ඉතින් වෙඩින් එකට ආපු ගොඩක් අය කිව්වා ලස්සනට තිබ්බ වෙඩින් එකක් කියලා.
Pre Shoot එක දවසේ මහ රෑ කඩවල්වලට රිංගුවා කියලත් ආරංචියි?
ඇත්තටම Pre Shoot එක තියෙන දවසට කලින් දවසෙත් රෑ හත වෙනකල්ම අපි Pre Shoot එකට අඳින්නේ මොනවද කියලාවත් තීරණය කරලා තිබුණේ නෑ. චමිල් උදයංග රෑ අටට විතර මට ඇඳුම් දෙකක් මහලා දුන්නා. රෑ ‍ෙදාළහට විතර මගේ යාළුවෙක්ගේ කඩයක් ඇරලා, තමයි සුමාල්ගේ ඇඳුම් ගත්තේ. කොහොම වුණත් නපඥ ඵඩධධබ එක ලස්සනට තිබ්බා.
ආදරේ කරපු කෙනා ජීවිතයට එකතු කර ගත්ත නිසා දැන් නිලුක්ෂිගේ ජීවිතේ සම්පූර්ණයිද?
සම්පූර්ණයිම කියලා කියන්න බෑ. අපි හිටියේ රටවල් දෙකක. අපිට ගොඩක් ආශ්‍රය කරන්න ලැබුණේ නැහැ. ඉතින් පුංචි පුංචි නොගැළපීම් ජීවිතේ තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන ජීවිතේ සතුටින් ඉද්දී ජීවිතේ තව තවත් සම්පූර්ණ වෙයි කියලා හිතනවා.
විවාහයෙන් පස්සේ ලංකාවෙන් යනවා කියලත් ආරංචියි?
ඔව්. මේ මාසේ අන්තිම විතර වෙද්දී අපි දෙන්නම ලංකාවෙන් යනවා. හැබැයි ඉවර කරන්න බැරි වුණ වැඩ ටික කරලා තමයි යන්නේ.
විවාහ වුණු ගමන් නිලුක්ෂි ආයෙත් කාර්යබහුල වෙනවාට සුමාල් කැමැතිද?
එයා මගේ වැඩ කටයුතුවලට බලපෑම් කරන්නේ නැහැ. එයා ඒ දේවල් තේරුම් අරගෙන ඉන්නේ. මගේ වැඩවලට එයාගෙන් හොඳ සහායක් ලැබෙනවා.
ලංකාවෙන් යන්නේ ඉතාලියේ නවතින්නමද?
නෑ… නෑ. . අවුරුදු දෙකකින් විතර ආයෙත් ලංකාවට එනවා.
එච්චර කාලයක් රංගනයෙන් ඉවත් වෙලා ඉන්න දුකක් නැද්ද?
ලංකාවේ අය ඉතාලියෙත් ඉන්නවා. ලංකාවේ ටෙලි නාට්‍ය, වැඩසටහන් ඉතාලියෙත් කෙරෙනවා. ලංකාවෙන් යන්න කලින්ම ඒ වගේ වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට ඒ කාලය ලංකාවෙන් දුරස් වෙලා කියලා දැනෙන එකක් නැහැ. ඒ වගේම එහෙදි මම සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.
ව්‍යාපාරික බිරියක් වෙන්නද ලෑස්ති වෙන්නේ?
ඇත්තටම මම කැමැති නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්න. සැලෝන් එකක් කරන එක මම ආසාවෙන් හිටපු දෙයක්.
නිලුක්ෂි සල්ලිකාරයෙක් අල්ලගෙන කියලත් සමහරු කියන්න පටන් අරගෙන?
නිළියෝ සල්ලිකරයෝ බඳිනවා කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. හැබැයි සුමාල් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මමත් සල්ලි පස්සේ යන නිළියක් නෙවෙයි. සල්ලි කියන දේ මම ලොකු කරගෙන නැහැ. මට පොළවේ පය ගහලා ඉන්න හොඳ කෙනෙක් ලැබිලා ඉන්නවා.
ඒ කියන්නේ සුමාල්, නිලුක්ෂිගේ හොඳම තෝරා ගැනීමද?
අනිවාර්යයෙන්ම. එයා තමයි මගේ හොඳම තෝරා ගැනීම.
බිරියක් වුණ නිලුක්ෂි මවක්වෙන හීනයට කල් දානවද?
ඇත්තටම තාම ඒ ගැන හිතලා නැහැ. සුදුසු කාලේ ඒ ගැනත් හිතන්න ඕන.
සුමාල් රතුගමගේ
තනිකඩ ජීවිතේට සමුදීලා පටන් ගත්ත අලුත් ජීවිතේ කොහොමද සුමාල්?
අලුත් ජීවිතේ පටන් ගත්තා විතරයි. තනිකඩ ජීවිතේට සමුදීලා දැන් තවත් කෙනෙක් ජීවිතේට එකතු වෙලා. ඉතින් ආදරෙන් හැමදාමත් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
සුමාල් වැඩි කාලයක් හිටියේ විදේශ ගතව. ඇයි නිලුක්ෂිව ජීවන සහකාරිය විදියට තෝරා ගත්තේ?
නිලුක්ෂි කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්. මට ගැහැනු ළමයින්ව මුණගැහිලා තියෙනවා. හැබැයි නිලුක්ෂි එක්ක කතා කරද්දි මට එයා ගැන ලොකු වෙනසක් දැනුණා. ඒ වෙනස ආදරයකට පෙරළුණා.
ඔය ආදර කතාවට ආරම්භය තියන්න ඇත්තේ සුමාල්මනේ. ඒ ආදර කතාවේ මුලට යන්න අකැමැති නැතිව ඇතිනේ?
අපි දැන හඳුනා ගත්තේ ෆේස්බුක් එකෙන්. මම නිලුක්ෂිට අඥඳභඥඵබ එකක් දාලා තිබුණා. ඒ වෙනකොට එයාගේ අකවුන්ට් එකේ යාළුවෝ හාරදහස් නවසිය අනූනවයක් හිටියා. මම තමයි එයාගේ පන්දහස් වෙනි යාළුවා. අපි ඉතින් යාළුවො විදියට කතා බහ කළා. පස්සේ තමයි අපේ යාළුකම ආදර කතාවක් වෙන්නෙ.
කතා බහ කරලා තිබ්බට සුමාල්ට නිලුක්ෂි මුණ ගැහෙන්නෙ කාලෙකට පස්සෙ. ඒ මුණ ගැහුණේ සුමාල් ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටපු නිලුක්ෂිමද?
ඔව්. මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ කෙනෙක් මට ලැබුණේ. මොකද අපි ඒ වෙනකොට වීඩියෝ කෝල්ස්වලින්වත් කතා කරලා තිබ්බේ නෑ. ෆොටෝ විතරයි දැකලා තිබ්බේ. ඇත්තටම එයාව දකිද්දි මම ගොඩක් සතුටු වුණා.
සුමාල්ගේ තෝරා ගැනීමේදී නිලුක්ෂි නිළියක් කියන එක ප්‍රශ්නයක් වුණේම නැද්ද?
නැහැ. මම ඉතාලියේ හිටියට ලංකාවේ තත්ත්වය හොඳට දන්නවා. මම යුරෝපයට ගිහින් අවුරුදු විසිතුනක් වෙනවා. නිලුක්ෂි හොඳ කෙනෙක්. ඉතින් නිලුක්ෂිට නීති රීති දාන්නත් මට ඕන වුණේ නැහැ. එයා එක්ක කතාබහ කරද්දී මට එයාව තේරුම් ගන්න පුළුවන් වුණා.
සුමාල්ගේ තීරණයට පවුලේ අයගෙන් බාධාවක් තිබ්බේ නැද්ද?
මගේ අම්මා තාත්තා මාත් එක්ක ඉන්නේ යාළුවෝ වගේ. එයාලා කැමැති වුණේ මගේ සහකාරිය මමම තෝරා ගන්නවට. මටත් ඕන වුණේ මගේ පවුලේ අයටත් ආදරේ කරන එයාලට සලකගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඉතින් මට ඒ කෙනා ලැබුණා.
පෙම්වතිය වෙලා හිටපු නිලුක්ෂි බිරියකගේ වගකීම් හරියටම ඉෂ්ට කරනවාද?
ඔව්. එයා ඒ දේවල් හැමදේම හොයලා බලලා ඉෂ්ට කරනවා. එයා හොඳ බිරියක් වෙයි.
සුමාල් නිලුක්ෂිව ලංකාවෙන් එක්ක ගිහින් එහේම තියා ගනියිද?
මම සෑහෙන කාලයක් විදේශගතව හිටියා. දැන් එහේ හිටියා ඇති. උපරිම අවුරුදු දෙකක් විතර ඉඳලා ආයෙත් ලංකාවට එන්න තමයි කැමති. නිලුක්ෂි මම කියන ඕන දේකට කැමැතියි. නමුත් මම කැමැතියි ලංකාවට එන්න.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

මල් වඩමක් රුපියල් දස දහසයි..

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් ලයිස්තුව මෙන්න…

Shiran Viraj