28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
International NewsNews

සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි

සිරියානු හමුදාව විසින් භාවිත කරමින් සිටි ඩ්‍රෝන යානයක් අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ.
මේ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත යානයක් බව විදෙස් මාධ්‍යවල දැක්වේ. මෙම යානය තමන්ට පහරදීමට පැමිණි එකක් යැයි සිතා බිම හෙලූ බව අමෙරිකානු හමුදාව පවසා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රයබ්කෝව් නොසතුට පළ කර තිබේ.
පසුගිය ඉරිදා අමෙරිකාව විසින් සිරියානු ජෙට් යානයක් වෙඩි තබා බිම හෙලනු ලැබීය. තවත් ඩ්‍රෝන යානයක් මෙම මස මුලදී වෙඩි තබා බිම හෙලීය.
ඊයේ දිනයේ බිම හෙලූ මෙම ඩ්‍රෝන යානය, කිලෝ මීටර දෙදහසක පමණ දුරක් ගමන් කිරීමට හැකි බෝම්බ සහ මිසයිල රැගෙන යාමේ හැකියාවක් ඇති ඩ්‍රෝන යානයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

Related posts

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

Shiran Viraj

වසර දෙකක් තුළ බැඳුම්කරවලින් ශුද්ධ විදේශීය ගලායාම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

Shiran Viraj

මහපොල 2500කින් වැඩි කරයි..

Shiran Viraj
Translate »