mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාව වැටී ඇති ණය අර්බුදයෙන් ගොඩ ඒමට බැරි බව ආර්ථීක විශේෂඥයින් කියයි

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුව ලබාදී ඇති ආර්ථීක ඉලක්ක ළගා කර ගැනීමට නොහැකි වනු ඇතැයි ආර්ථීක විශේෂඥයින් පවසනවා.
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ණය අර්බුදයෙන් ගොඩඒමට නම් එම ඉලක්ක ළගා කර ගතයුතු බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ ෙජ්්‍යෂ්ඨ කථීකාචාර්ය ජනත් කුමාරසිංහ සදහන් කළේ.
ඉදිරියේදී ඇති වන ස්වභාවික ආපදා නිසි ලෙස කළමණාකරණය කර නොගතහොත් මෙම තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථීක වර්ධන වේගය, 2016 පළමු කාර්තුවට සාපේක‍ෂව 3 යි දශම 8 ක් දක්වා අඩු වී තිබුණා.
2016 පළමු කාර්තුවේ ආර්ථීක වර්ධන වේගය 5 යි දශම 3 ක්.

Related posts

පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

Shiran Viraj

අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.

Shiran Viraj

අධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..

Shiran Viraj
Translate »