mediahumanrights.lk
Local NewsNews

මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?

ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ.
මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්. ලොව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දින ලෝක පියවරුන්ගේ දිනය ලෙස සමරන බවද සඳහන්.
ලෝකය පුරා විවිධ රටවල්වල දරුවන් අද දිනයේ තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශ්‍රී ලංකාවේද දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් වනවා.
පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු වැඩි අවධානයක් යොමු කරමින් සමරනවා.
එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

ආශු මාරසිංහට තානාපති ධුරයක්…?

Shiran Viraj

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

Shiran Viraj

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

Shiran Viraj
Translate »