mediahumanrights.lk
Local NewsNews

බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට

බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු පැවසුවේ සිරගතව සිටින බන්ධනාගාර රැදවියන් සම්භාණ්ඩ, ඇසුරුම් සහ තෝරාගත් නිෂ්පාදන කෙෂ්ත්‍ර සදහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ සදහා අවශ්‍ය පුහුණුව පෞද්ගලික අංශයේ තෝරාගත් ආයතනවලින් ලබාදීමට නියමිතයි.
පුහුණුවෙන් පසු එම රැදවියන් අදාළ ආයතනවලට අවශ්‍ය නිෂ්පාදන සිදුකෙරෙනු ඇති.
ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය එම ආයතනවලින් සැපයෙනවා.
ඊට අදාළ ගෙවීම් පෞද්ගලික ආයතන විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු අතර එම මුදල සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාදිය යුතු වනවා.
අදාළ අවසරය සහ රැදවියන්ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මුදල පිළිබද තීරණයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද සිදුකර ඇතැයි සදහන්.
එම අනුමැතිය ලැබුණු පසු මුල් අදියර ලෙස වැලිකඩ බන්ධනාගාරයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්

Shiran Viraj

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

Shiran Viraj

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

Shiran Viraj
Translate »