mediahumanrights.lk
BusinessBusiness NewsNews

නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම නිසා අදාළ ණය වාරිකය ලැබීම ප්‍රමාද වී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.  ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත තෙවන ණය වාරිකය පමා වීමට විශේෂ හේතුවක් තිබේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
“ඔබට දකින්න පුළුවන් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ, එය ගැසට් කර තිබෙනවා. මගේ මතකය හැටියට දිනය ජූනි 19 දා. ඉන් වැඩකරන දින 10 කට පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. ඒ අනුව IMF වාරිකය සඳහා සැපරිය යුතු සියලු අවශ්‍යතා අපි සපුරා තිබෙනවා. ජූලි දෙවන සතියේ දී IMF විධායක කමිටුව රැස්වීමට නියමිතයි. ඉන්පසු මීළග වාරිකය අපට ලැබනු ඇතැයි විශ්වාස කළ හැකියි.“
මේ අතර නව දේශීය ආදායම් පනත සම්මත කිරීම,  IMF ණය වාරිකය ලබා ගැනීම වෙනුවෙන් ඉටුකළ යුතු පූර්ව කොන්දේසියක් ද යන වග මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටියේය.
“මෙම ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඉටුකළ යුකු කරුණු කිහිපයක් තිබෙනවා. නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඒ අනුව සිදුකළ යුතුයි. එය සම්මත කළ යුතු බවට කොන්දේසියක් මෙහිදී නැහැ“, යනුවෙන් අධිපතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වීය.
(under the courtesy of adaderana news web)

Related posts

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

Shiran Viraj

ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

Shiran Viraj

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj
Translate »