23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

තැපැල් වර්ජනය තවදුරටත්

අද දිනයේත් සිය වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (28) පස්වරුවේ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.
ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලූවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේ 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාවල ලිපි ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

කොළඹ නගර සභාවට පොහොට්ටුව යෝජනා කළ නගරාධිපති අපේක්ෂකයා බෑ කියයි – අද දිනයේ අලුත් අපේක්ෂකයෙක් සොයයි

Shiran Viraj

ගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..

Shiran Viraj
Translate »