mediahumanrights.lk
Local News News Political

උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

රැකියා විරහිත උපාධිධාරීන් වෙත රජයේ රැකියා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වූ බව උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සදහන් කළේ පසුගියදා යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුරදී සිය ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ලබාදීමෙන් පසු මෙලෙස එකගතාව පළ කළ බවයි.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපාධිධාරීන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් එළඹෙන ජූලි මාසයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවට ප්‍රකාශ කළ බව සදහන්.
තමන්ට රජයේ රැකියා ලබාදෙන ලෙස ඉල්ලා උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් ආරම්භ කළ උපවාසයට අදට දින 108 ක් වනවා.
ඔවුන් මෙලෙස උපවාසයේ නිරත වන්නේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි.
මීට පෙරද තමන්ට රජයේ ස්ථීර රැකියා ලබාදෙන ලෙසට ඉල්ලීම් කළද ඊට විසදුම් නොලැබුණු බවද එම සංගමය වැඩිදුරටත් සදහන් කළා.

(under the courtesy of adaderana news web)

Related posts

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගිවුවා..

Shiran Viraj

දැන් තියෙන්නේ ගංගාවලට කල අතහරින එක නෙවෙයි ගිහින් ඉල්ලා අස්වෙන්න – හරීන්

Shiran Viraj

රජයේ සේවක අවම වැටුප 50,000 කරන්නැයි කියයි..

Shiran Viraj