2026-07-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

හඳුනාගත් සිසුන් වෙනුවෙන් සරසවි යන්න අවස්ථා 04 ක්

පසුගිය දා ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගයට පෙනී සිටීමට අමතර අවස්ථාවක් ලබා දීමට ඇති ඉඩකඩ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට විභාග කොමසාරිස් වරයාට අදාළ උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ඊයේ (19) සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ඉසිපතන විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය අවසානයේ දී මාධ්‍යවේදියකු  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙම සහනය ලබා දීමේ දී අදාළ සිසුන් නිවැරදිව හඳුනාගත යුතු බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව මෙම සිසුන් සඳහා මෙරට ජාතික විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටිය හැකි උපරිම අවස්ථා සංඛ්‍යාව හතරක් දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාව සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණයකට එළඹෙන බව ද ප්‍රකාශ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේ

Shiran Viraj

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

කොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..

Shiran Viraj
Translate »