2026-09-25
mediahumanrights.lk
Local NewsNews

සීනි ආශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි කරන්න බැහැ

වෙළඳපොලේ ඇති සුදු සීනි සහ සීනි ආශ‍්‍රිත බේකරි නිෂ්පාදනවල මිල වැඩි කළ නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඔවුන් කියා සිටියේ මිල වැඩි වන බවට පළ වන ප‍්‍රචාර අසත්‍ය බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව සුදු සීනි මිල වැඩි කළ නොහැකි වනවා.
සීනි ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව සුදු සීනි හෝ සීනි ආශ‍්‍රිත නිෂ්පාදනවල කිසිදු මිල වැඩිවීමක් සිදු නොවන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා..මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා- ගෝටා කියයි

Shiran Viraj

ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩු

Shiran Viraj

සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

Shiran Viraj
Translate »