31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව අදාළ කැබිනට් පත්‍රිකාව ද ඉදිරිපත් කරන බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගසට ගිය මිනිසාට කියන්නට සිදුවු හේතුව වගේය යන්න රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
වැඩ වර්ජනය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නොතිබු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උවමනාව මත අදාළ සාකච්ඡාව පැවති බවත් ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ සිටින නිලධාරීන්ට බලපෑම් කරමින් ඊට අදාළ වේලාව වෙන්කරගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අදාළ හමුවීම නිල නොවන හමුවීමක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට දැනුම් දී ඇති අතර එම සාකච්ඡාවේ  ලිඛිත වාර්තා කිසිවක් ද නොමැති බැවින් ඒ පිළිබද ප්‍රකාශ නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පසුගිය 25 වන දින ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත්තේ සයිටම් ආයතනය පිළිබදව රජයේ ස්ථාවරය වන අතර ඊට අදාළ ප්‍රතිපත්ති මාලාව කැබිනට් පත්‍රිවකාවේ සඳහන් කර ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කළ  නිවේදනය පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ඊයේ(26) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බවය.
එහිදි අදාළ නිවේදනයේ අඩංගු කරුණු කිහිපයක් සංශෝධනය කිරීමට එකඟ වු අතර එම කරුණු අද(27) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්

Shiran Viraj

මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

Shiran Viraj

රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..

Shiran Viraj
Translate »