27.8 C
Colombo
2026-09-20
mediahumanrights.lk
NewsSportsSports News

ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටෙයි – පකිස්තානය අවසන් පූර්ව වටයට

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ (12) රාත්‍රියේ බිඳ වැටුණා.
ඒ, පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක තරගය පරාජයට පත්වීමත් සමඟයි.
ඒ අනුව කඩුලූ 03කින් ශ්‍රී ලංකාව පරාජය කළ පකිස්තානය මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
පකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 73යි.
නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් රැස් කළා.
දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගිය අතර තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා රැස්කර ගත්තේ එක් ලකුණ බැගින් පමණයි.
ලකුණු 237ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායම පන්දුවාර 44යි.
පන්දු 5ක් අවසානයේ කඩුලූ 07ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.
පකිස්තාන කණ්ඩායම එක් අවස්ථාවක කඩුලූ 07ක් දැවී ලකුණු 162ක් ලබා අවදානම් තත්වයක ද පසුවුණා.
සප්‍රාස් අහමඩ් හා මොහොමඩ් අමීර් අටවන කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනගමින් පකිස්තානයට ජය මාවත විවර කර දුන්නා.
ලසිත් මාලිංග පකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළද ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම හමුවේ පකිස්තානයට වාසිදායක තත්වයක් උදා වුණා.
පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 60කට කඩුලූ 03ක් දවාගත්තා.
ලසිත් මාලිංග, සුරංග ලක්මාල් හා තිසර පෙරේරා අතරේ එක් කඩුල්ල බැගින් ඛෙදී ගියා. තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න අතින් ගිලිහුණු උඩපන්දු දෙක ශ්‍රී ලංකා පරාජයට දැඩි ලෙස බලපෑ බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්තය සහ පකිස්තානය හෙට පැවැත්වෙනවා.
දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

මහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!

Shiran Viraj

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Shiran Viraj

බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

Shiran Viraj
Translate »