mediahumanrights.lk
NewsSportsSports News

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

ශූරයන්ගේ කුසලාන එක්දින කි්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි. එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේදී ඒ කාණ්ඩයෙන් තරග කළා.
එහිදී සහභාගි වූ තරග තුනම ජය ගනිමින් එංගලන්තය මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසුණා.
බී කාණ්ඩයෙන් තරග වැදුනු පාකිස්තානය තරග තුනකට සහභාගි වී ඉන් තරග දෙකක් ජය ගත්තා.
ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ බී  කාණ්ඩයේ දෙවැනියා ලෙසයි.
ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් එංගලන්ත කණ්ඩායම සතු බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

නිවේදිකාවක් හා නිෂ්පාදකයෙක් පැහැරගෙන නිරුවත්කර පිංතූර අරං

Shiran Viraj

ධර්මයුද්ධයේ විශාඛා තමන්ගේ කළු චරිතය ගැන කියූ කතාව

Shiran Viraj

ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?

Shiran Viraj
Translate »