mediahumanrights.lk
News Sports Sports News

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

ශූරයන්ගේ කුසලාන එක්දින කි්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි. එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේදී ඒ කාණ්ඩයෙන් තරග කළා.
එහිදී සහභාගි වූ තරග තුනම ජය ගනිමින් එංගලන්තය මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසුණා.
බී කාණ්ඩයෙන් තරග වැදුනු පාකිස්තානය තරග තුනකට සහභාගි වී ඉන් තරග දෙකක් ජය ගත්තා.
ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ බී  කාණ්ඩයේ දෙවැනියා ලෙසයි.
ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් එංගලන්ත කණ්ඩායම සතු බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Shiran Viraj

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

Shiran Viraj

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

Shiran Viraj