mediahumanrights.lk
Local News News

වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයි

දින 04ක් ඇතුළත මංතීරු නීතිය කඩ කළ රියදුරන් හාරදහස් හත්සිය හැට පස් දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය පවසනවා. කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයන්හි ක‍්‍රියාත්මක කල මන්තීරු නීතිය යටතේ වැරදි ලෙස රිය ධාවනය කළ රියදුරන්ට මෙලෙස නීතිය ක‍්‍රියාත්මක කළ බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙම රියදුරන් සඳහා දඩ පත‍්‍රිකා මෙන්ම සති අන්තයේ පැවැත්වෙන රථ වාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. මන්තීරු නීතිය ඉදිරියේදී ද දැඩි ලෙස ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

(under the courtesy of nethfm news web)

Related posts

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයි

Shiran Viraj

ලෝක ස්වභාවය තේරුම් ගන්න කොරෝනා වසංගතය පිටුවහලක් කර ගත යුතුයි-අගමැති

Shiran Viraj