28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
International NewsNews

ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී වාහනයක් ජනතාව අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලන්ඩනයේ උතුරු දිග ප්‍රදේශයේදීය.
මීට නොබෝ වේලාවකට පෙර නිකුත් වූ විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඒ සමගම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සියලූ හදිසි සේවා ක්‍රියාවට නැංවූ බව එරට පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙම සිද්ධියේ වැඩිදුර තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තාවී නොමැත.
මීට පෙර ද ඉකුත් 03 වන දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී පුද්ගලයින් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් අයි එස් සාමාජිකයින් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
ඉන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සැලකිය යුතු පිරිසකට තුවාල සිදු විය.
(under the courtesy of adaderana news web)

Related posts

ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…

Shiran Viraj

රාත්‍රියට වාහන වල බැටරි සොරකම ජයටම…

Shiran Viraj

සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්

Shiran Viraj
Translate »