29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
NewsSportsSports News

ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණු

පුරප්පාඩු වී ඇති ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ශූරතාව දිනා ගැනීමයි.
මහේල අයි පී එල් තරගාවලියක් සඳහා පුහුණුකරුවෙකු ලෙස එක්වූ පළමු අවස්ථාව එය ලෙසටයි සැලකෙන්නේ. ඔහු ඊට පෙර එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළා.
කෙසේ වෙතත් මහේලට අමතරව විරේන්ද්‍ර ශෙවාග් සහ ටොම් මූඩි යන හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ද ඉන්දීය ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අයදුම් කරනු ඇති බවටයි පැවසෙන්නේ.
ඉන්දීය නායක විරාට් කෝලි සමග ඇති කර ගත් මත භේදයක් හේතුවෙන් හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේ සිය ධුරය අතහැර ගියා.
මේ අතර ග‍්‍රැහැම් ෆෝඞ්ගේ ඉල්ලා අස්වීමත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධන පුහුණුකරු ධුරය ද මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.
ඊට මහේල ජයවර්ධනගේ නම ද යෝජනා වී තිබුණා. එහෙත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ධුරය දැරීමට මහේලට තවමත් අත්දැකීම් නොමැති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

මාර්තු 8 ඒකාබද්ධ විපක්ෂයෙන් කාන්තා උද්ඝෝෂණයක්

Shiran Viraj

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

Shiran Viraj

ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…

Shiran Viraj
Translate »