27.7 C
Colombo
2024-07-15
mediahumanrights.lk
News Political

රාජපක්ෂ ආණ්ඩුව කවදාවත් සයිටම් එකට අවසර දුන්නෙ නෑ

සයිටම් ආරම්භ කරපු දවසේ සිට අද දක්වාම  තමන් අඛන්ඩවම පෙනී හිටියේ විරුද්ධ මතයක බැව් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹ-කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් “සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු“ මැයෙන් සිදු කරනු ලබන සත්‍යග්‍රහයට සහභාගීවීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දැක්වීය.
එහිදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.
තමුන්නාසේලා පරණ මාධ්‍ය තොරතුරු හොයලා බැලුවොත් අපි එදා හිටිය මතයේ මයි අදත් ඉන්නේ කියලා තේරුම් ගත හැකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කවදාවත් සයිටම් එකට අවසරයක් අනුමැතියක් දීලා නෑ. සයිටම් පටන් ගන්නේ හොර කඩයක් විදිහට කිසිම නීත්‍යානුකුල අනුමැතියකින් තොරව. මේ අර්බුදයට විසදුමක් විදිහට අනුමැතිය ලබා දීමට යම් යම් කොන්දේසි ගණනාවක්  2011 අගෝස්තු මාසේ 29 වෙනිදා නිකුත් කල ගැසට් නිවේදනය අනුව සයිටම් එකට පැවැරුවා. ඒ කිසිම කොන්දේසියක් ඉටු කර ගැනීමට බැරිවුණු නිසා සයිටම් වලට අනුමැතිය ලැබුනේ නෑ.
කවුරුහරි කියනවා නම් මහින්ද රාජපක්ෂ යුගයේ අනුමැතියක් දුන්නාය කියලා එක පට්ටපල් බොරුවක්.දුන්නේ කොන්දේසි ප්‍රමාණයක් අනුමැතිය ලබා දීම සඳහා ඒ කොන්දේසි සම්පුර්ණ කරන්න සයිටම් ආයතනට බැරිවුණා. නමුත් එදා ජාතික හෙළ උරුමය විදිහටත් අද පිවිතුරු හෙළ උරුමය විදිහටත් අපි හිටියේ සයිටම් පෞද්ගලික  විශ්ව විද්‍යාල ශ්‍රිලංකාවට අනවශ්‍යයි කියන තාර්කික මතයක. මෙය අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ලෝකයේ දියුණු රටවල මෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෑ.
ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්නේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මැලේසියාව වගේ රටවල් වල අනෙක් පැත්තට ඒ රට වල වෛද්‍ය ආධ්‍යාපනය සහ සෞඛ්‍ය මහා අර්බුධයකට තල්ලු වෙලා තියෙනවා. වකුගඩු ජාවාරම් කරන, දොස්තර උපාධිය පාස් වෙලා කොන්දොස්තර කම කරන, බෙහෙත් විකුණන ඖෂධ ජාවාරම්කරුවන් බවට ඒ රටවල වෛද්‍යවරු පත්වෙලා තියෙන්නේ නිසි ප්‍රමිතියක් නැතුව රටේ අවශ්‍යතාවයට වඩා වෛද්‍යවරු බිහිකරලා තියෙන නිසා.
අපි සංඛ්‍යා ලේඛන විද්‍යාත්මකව අධ්‍යයනය කරලා බැලුවම අපේ රටේ ඉදිරි වසර 7 තුළදී ශ්‍රි ලංකාවේ වෛද්‍යවරු සංඛ්‍යාව 43000 ඉක්මවා යනවා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දීලා තියෙන ජනගහන වෛද්‍ය අනුපාතයේ ප්‍රශස්ත මට්ටම තව වසර 7කින් ඉක්මවා යනවා. ඊට පස්සේ අපේ රටේ වෛද්‍ය අතිරික්තයක් ඇතිවෙන්න පුළුවන් ඉන්දියාවේ ඇති වී තිබෙන අවසනාවන්ත ඉරණම මේ රටට ඇති වීමට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ.
(under the courtesy of adaderana news web)

Related posts

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Shiran Viraj

16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්

Shiran Viraj

අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…

Shiran Viraj