2026-08-11
mediahumanrights.lk
Local NewsNews

රජයට අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් බැඳුම්කර වෙළඳපොලේ තිබෙන බව ගාමිණී විජේසිංහ කියයි

2015 වසරේ පෙබරවාරී 27 වනදා වනවිට රජයට අවශ්‍ය වී තිබු මුදල් ප්‍රමාණයට වඩා සියයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳපොලට ඉදිරිපත් කර ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දෙමින්.
2015 වසරට පෙර වසර 06ක කාලයක් තුළ දී බැඳුම්කර වෙන්දේසි 248ක් පවත්වා තිබුණා.
ඇතැම් අවස්ථාවන්වල දී රජයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් ලබාගෙන ඇතත් ඒවා සියයට හාරසියයක ප්‍රමාණයට වඩා ඉහළ ගොස් නොමැති බවයි විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය ආරම්භයේදීම රජයට රුපියල් කෝටි 40ක පාඩුවක් සිදුව ඇති බවයි විගණකාධිපතිවරයා සාක්ෂි ලබාදීමේ දී අවධාරණය කර සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Shiran Viraj

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

Shiran Viraj

රවීගේ නිවස අසලට ආධාරකරුවෝ එකතු වෙයි!

Shiran Viraj
Translate »