26.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

මොරවක කන්ද ගිලගත් සැමියා සහ දරුවන් දෙදෙනා නොමැතිව ගෙවන චාන්දනීගේ කඳුලු කතාව – Video‍

අවුරුදු 7 ක් වූ පුත්‍රයාගේ සිරුර හමුවෙලා…
ස්වාමිපුරුෂයා සහ එක් දරුවෙකු පිළිබඳ තවමත් බලාපොරොත්තුවෙන්…
ගං වතුර සහ නායයෑම් අවදානම්වලට මුහුණදුන් ඇතැම් පවුල්වල සාමාජිකයන් පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් වාර්තාවන්නේ නැහැ.
ඔවුන් යළි පැමිණේ යැයි බලාපොරොත්තුවෙන් පසුවන පිරිස්ද ඒ අතර අනන්ත අප්‍රමාණව සිටිනවා.
නමුත් අමිහිරි සත්‍ය නම් මේ ව්‍යසනයෙන් ඇතැම් පවුල්වල ඉතිරි වූයේ එක් සාමාජිකයෙකු වීමයි.
අපට එවැනි කාන්තාවක් හමුවූයේ මොරවක ප්‍රදේශයෙන්.
පසුගියදා මොරවක කන්ද නායයාම හේතුවෙන් ඇයට ස්වාමි පුරුෂයා මෙන්ම තම දරුවන් දෙදෙනා ද අහිමි වුණා .
කෙසේ වෙතත් චාන්දනී තම ස්වාමිපුරුෂයා සහ එක් දරුවෙකු පිළිබද බලාපොරොත්තු තබා ඇත්තේ ඔවුන් මෙතෙක් හමු නොවීම හේතුවෙන්.
ඇයට වයස අවුරුදු 7 ක් වූ පුත්‍රයාගේ සිරුර පමණක් සොයා ගැනීමට හැකි වුණා.

Related posts

දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයි

Shiran Viraj

චීනය බුලට් දුම්රිය අත්හදා බලයි

Shiran Viraj

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Shiran Viraj
Translate »