mediahumanrights.lk
Local News News

මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයි

මිල අධික මුහුදු මත්ස්‍ය  විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිකර තිබේ.
මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ මිලියන 150ක වියදමින් මෙම අභිජනන මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර එය හෙට(28) දිනයේ විවාත කිරීමට නියමිතය.
මූදිල්ලා, කොස්සා, සහ වව්වාලයා යන මත්ස්‍ය විශේෂ මෙම අභිජනන මධයස්ථාන තුළින් බෝ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම අභිජනන මධ්‍යස්ථානය තුළින් වසරකට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 20ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම මත්ස්‍ය පැටවුන් තෝරාගත් ධීවරයින්ට ලබාදී අපනයනය සඳහා සකස් කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතය.
(under the courtesy of adaderana news web)

Related posts

අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..

Shiran Viraj

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

Shiran Viraj

ආපදාවන්ට මුහුණ දෙන්න රජයෙන් පස් අවුරුදු සැලැස්මක්

Shiran Viraj